අද දින නියමිතව තිබූ ශ්‍රීලන්කන් ලංසු කැඳවීමට හදිසියේම සිදු වූ දේ. - ඇමතිගෙන් විශේෂ නිවේදනයක්.

Report

අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දීර්ඝ කර කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එය ලංසු කැඳවීම දින 45කින් කල්දැමීමට සිදුවන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

මේ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවිය යුතු ණය ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.