පළාත් 6කට ප්‍රබල අකුණු සහ තද සුළං අවදානමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
අද (13) පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ.ව. 01.00 දක්වා වලංගු වෙයි.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
මෙම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
අද රෑ ඉඳන් දවස් 3කට මි.මී. 150 තද වැසි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයෙන් කාලගුණයෙන් ආපු හදිසි නිවේදනය මෙන්න