දික්වැල්ලෙන් සොයාගත් භයානක දේ මෙන්න

Report

දික්වැල්ල, කිරිනැලියකන්ද ප්‍රදේශයේ තිබී කෑලෑවක තිබී ගිනිඅවියක්, ටී 56 වර්ගයේ පතොරම් සහ ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.

පොලීසිය සදහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත දික්වැල්ල, කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවක තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, ජීව අත්බෝම්බයක් හා ටී 56 ජිව පතරොම් 03ක් මෙලෙස සොයාගෙන ඇති බවයි.

එම අවිආයුධ දික්වැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් තිබේ. නමුත් සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විසින් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබයි.

ශිරන්ති අද FCID එන්න බෑ කියයි

ශිරන්ති අද FCID එන්න බෑ කියයි