අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි අනුකම්පා කරනවා – මිහින්තලේ හිමි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුලා ගැනීම ගැන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වන බව පැවසූ උන්වහන්සේ ඒ සඳහා හඬ නඟපු සියලු දෙනාට නමස්කාර කරන බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පවසා තිබේ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
උන්වහන්සේ තවදුරටත් සදහන් කළේ
''අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි එ අයට අනුකම්පා කරනවා. මරාගන්න යන්නේ නෑ. වෙඩි තියන්න යන්නේ නෑ. ගහන මරණ සංස්කෘතිය තියෙන්නේ එයාලා ළග” අවුරුදු එකහමාරකට කලින් අද වෙන දේ මම කිව්වා. ඒව තමයි අද යථාර්ථයක් වෙලා තියෙන්නේ. නිරාගාමික සමලිංගික ඔය කතන්දර ඔක්කොම මම කිව්වා. අපිට එදත් ගැහුවා. අදත් ගැහුවා. අපිට වනචාරීන් කියනවා. බෝසත් උපත සිද්ධ වුණේ කැලේ. බුදු වීම සිද්ධ වුණේ කැලේ. පරිනිර්වාණය සියල්ල සිද්ධ වුණේ කැලේ. එතකොට මිහිඳු හාමුදුරුවෝ වඩින්නෙ කැලේට.ඉතින් අපි වනචාරීන් තමයි.''
තවද අද වෙන දේ තමන් වහන්සේ එදා කල්තියා පැවසූ බවද ධම්මරතන හිමියෝ පැවසූහ.
ඒ වගේම ධම්මරතන හිමියෝ සදහන් කළේ ජනාධිපතිතුමාට දුන්න මහේන්ද්‍ර ප්‍රසාදනී සම්මානය ගන්න තරම් නීච කුලයේ නොවන බවයි.