රැළි තිව්වේ නැති උනාට අපි පොකට් මීටින් අටදාහක් තිව්වා.... තලතා කියයි

Mrs Thalatha Atukorale May Day UNP Sinhala news
By Hashini May 02, 2025 08:40 AM GMT
Hashini

Hashini

Report

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් සඳහා කරන්නේ මැයි 1 වැනිදා රටපුරා පොකට් මීටින් පැවැත්වූ බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

මැයි 1 වැනි දින රට පුරා පොකට් මීටින් (පොකුරු රැස්වීම්) 8,000ක් සංවිධානය කිරීම සඳහා එක්රැස් වූ පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයින්ට සහ ඔවුන්ගේ ආධාර කරුවන්ට එක්සත් ජාතික පක්ෂය කෘතඥතාව පළ කර සිටි. ජනතාව කෙරෙහි අපගේ කැපවීම ඔවුන්ට මතක් කර දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය පෙන්වීමේ බිම් මට්ටමේ රැස්වීම් දහස් ගණනට හැකි විණ.

පළාත් පාලන ඡන්දයේ ප්‍රථිපල නිකුත් වෙන්නේ මෙන්න මෙහෙමයි..

පළාත් පාලන ඡන්දයේ ප්‍රථිපල නිකුත් වෙන්නේ මෙන්න මෙහෙමයි..

දේශපාලන පක්ෂයක් සැමරීම සඳහා ජනතාව එක්ක්රැස් කර නගරයට ගෙන ඒමේ සංස්කෘතිය අද අවසන්ය. ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂය පෙන්නුම් කළේ දේශපාලන පක්ෂයක් ලෙස අපගේ පණිවිඩය ගම්වල ජනතාව වෙත ගෙන යාමට අප ප්‍රමුඛත්වය දෙන බවය.

තවද ජාතික ජන බලවේගයේ මැයි දින රැලියේදී ප්‍රතිරාවය වූ ඉන්දීය රාජ්‍ය විරෝධී හැඟීම ද එක්සත් ජාතික පක්ෂය හෙළා දකී. අපගේ ආර්ථික අර්බුදය පැවති සමයේදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වූයේ ඉන්දීය රජයයි. පාලක පක්ෂයේ මැයි දින රැලියේදී ඉන්දීය රජයට එල්ල වූ කර වූ අනවශ්‍ය ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා නිතැනින්ම අනතුරේ හෙලන්නේය යනුවෙනි.

සරසවි සිසුවාගේ මරණයට හේතු හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

සරසවි සිසුවාගේ මරණයට හේතු හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

ReeCha