අපිට ආරක්ෂාව දෙන්න බැරි නම් ගිනි අවි දෙන්න .අපි බලාගන්නම්

Report

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් සාකච්චාවක් පවත්වා තිබෙනවා.   

එම සාකච්චාවේ දී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කර සිටියේ ආරක්ෂාව අවශ්‍ය යැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සලයට ඉදිරිපත් කරන බවයි. 

එජාප ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි

එජාප ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි

මෙහිදී කතානායකවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමාට දැනුම් දෙන ලෙසයි.   මෑත කාලයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන රැසක් අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම් කරුවන් අතර සිදු වන ගැටුම් වල ප්‍රතිඵල බවත් ඒ සඳහා ප්‍රදේශීය දේශපාලනඥයන් ද සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙන බවත් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියා.   

ආරක්ෂාව අවශ්‍ය බවට තහවුරු වූ මන්ත්‍රීවරැන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටියා. 

මෙහිදී විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයෝ තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව තිබෙන අවශ්‍යතා ගැන කරැණු ඉදිරිපත් කළහ.

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවීම්

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවීම්

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්චුනා මහතා අදහස් දක්වමින් පැවසුවේ තමන්ට ආරක්ෂාව ලබාදීම සඳහා පහසුකම් නොමැති නම් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනි අවි ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි. 

ආරක්ෂක තක්සේරු වාර්තා ගන්නා තෙක් සම්පුර්ණ ආරක්ෂාව ඉවත් නොකර ආරක්ෂාව අවශ්‍ය යැයි පවසන මන්ත්‍රීවරැන්ට එම ආරක්ෂාව ලබා දීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් පවසා සිටියා.   

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

තක්සේරු වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශයන්ට අනුවද කටයුතු කළ හැකි බව ඔවුහු පැවැසුහ.