වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් ගිනි පන්දම අරන් මහා පාරට
ඊයේ (12) රාත්‍රියේ වයඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් බලහත්කාරයෙන් තෙවැනි වසර සිසුවියක් වයඹ විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ කාමරයේ සති දෙකක් රඳවා තබාගැනීම පිළිබඳ පරීක්ෂණ නිසි පරිදි සිදු නොවීම, තමන්ට අවශ්‍ය පහසුකම් නිසිපරිදි සිදු නොවීම ඇතුලු කරුණු කීපයක් මුල්කරගනිමින් පන්දම් එළි දල්වා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වී ඇත.
අත්තනෝමතිකව සිසුන් අසමත් කිරීම්, රසායනාගාර පහසුකම් ලබානොදීම සහ සිසුන්ට සවන් නොදීම ආදී සංවේදී කාරණාද ඔවුන්ගේ ඉල්ලීම් වී ඇත.