ලබන 13 වන දින පලාතක පාසල් වල සිදුවෙන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..

Report

වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් තාවකාලිකව අත්හිටුවන ලද එම පළාතේ විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් ලබන 13 වැනි දින ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව, එම මාරුවීම් ක්‍රියාත්මක කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ලංකාවේ විශාල පිරිසක් බලාසිටිය විභාගයක ප්‍රතිඵල අද නිකුත් කරයි..මෙනින් බලන්න.

ලංකාවේ විශාල පිරිසක් බලාසිටිය විභාගයක ප්‍රතිඵල අද නිකුත් කරයි..මෙනින් බලන්න.


විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, ජාතික විදුහල්පති එකමුතුව, ඌව පළාත් විදුහල්පති සංගමය සහ සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය එක්ව මැතිවරණ කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකින් අනතුරුව මෙම මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් පියවර ගෙන ඇතැයි පැවසේ.

පසුගිය ජූනි මස 03 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම ස්ථාන මාරුවීම් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුව අත්හිටුවා තිබූ අතර, එම තීරණය මැතිවරණ සමයේ විදුහල්පතිවරුන්ට සිදුකරන ලද දේශපාලන පළිගැනීමක් ලෙසට විදුහල්පති වෘත්තිය සංගම් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කරනු ලැබීය.

එම පැමිණිල්ල සලකා බැලූ මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර නියම කරන ලද එම ස්ථාන මාරුවීම් වයඹ පාසල් පද්ධතියෙහි ගැටලුවක් ඇති නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට විරෝධතාවයක් නොමැති බවට වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත දන්වා එවීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා අදාළ විදුහල්පති මාරුවීම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රසිද්ධ විවාහ මංගල යුවලක් දළදා මාළිගාව තුළ ගත් ඡායාරූප ගැන එළියට ආ අලුත්ම කතාව මෙන්න.(PHOTOS)

ප්‍රසිද්ධ විවාහ මංගල යුවලක් දළදා මාළිගාව තුළ ගත් ඡායාරූප ගැන එළියට ආ අලුත්ම කතාව මෙන්න.(PHOTOS)


මේ අනුව මාස ගණනාවක්ම වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් හේතුවකින් තොරව අත්හිටුවා තිබූ වයඹ පළාතේ විදුහල්පතිවරුන් 115කට ආසන්න පිරිසකගේ ස්ථාන මාරුවීම් ලබන 13 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මේ මාරුවීම් අතරට එකම පාසලේ වසර 10කට වැඩි කාලයක් සේවය කරමින් සිටින විදුහල්පතිවරු සහ විදුහල්පතිවරියෝ ද සිටින බවයි පැවසෙන්නේ.

වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් දන්වා ඇත්තේ, ස්ථාන මාරුවීම් ලද සියලුම විදුහල්පතිවරුන් එළැබෙන සැප්තැම්බර් 13 වැනි දිනට පෙර නව සේවා ස්ථානයේ සේවය සඳහා වාර්තා කරන ලෙසයි.