නිවසක් ඉදිරිපිට බෝම්බයක් හසුවේ

Report

වැල්ලම්පිටිය, ඩොනල් පෙරේරා මාවතේ, ඇල්බා නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ අත්බෝම්බයක් තිබී හමුවූ බව වාර්තා වේ.

ඊයේ (26) රාත්‍රියේ අදාළ නිවසේ හිමිකාරිය විසින් නිවස ඉදිරිපිට පිරිසිදු කිරීම් කරමින් සිටියදී සැකකටයුතු යමක් දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබේ.

පසුව වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද 119 දුරකථනට ලැබුණු තොරතුරු මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම අත්බෝම්බය සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.

ඇගම කිලිපොළා යන හෙළිදරව්වක් - සමලිංගිකයන් ගණිකාවන් හා ඒඩ්ස් රෝගීන් පිරිලා

ඇගම කිලිපොළා යන හෙළිදරව්වක් - සමලිංගිකයන් ගණිකාවන් හා ඒඩ්ස් රෝගීන් පිරිලා

මෙම අත්බෝම්බය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති අතර පරණ අත්බෝම්බයක් බව පොලීසිය පවසා ඇත.

නමුත් මෙම අත්බෝම්බය මෙම ස්ථානයට පැමිණි ආකාරය සම්බන්ධව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති අතර බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් පැමිණ මෙම අත්බෝම්බය පරික්ෂා කර නිෂ්ක්‍රීය කර අධිකරණ කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.   

ලසන්තට වෙඩි තිබ්බේ මාලිමා ආණ්ඩුවෙන්ද? මට සැකයි

ලසන්තට වෙඩි තිබ්බේ මාලිමා ආණ්ඩුවෙන්ද? මට සැකයි