කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළට

Report

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය නිසා කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතී.

ඒ සමග ජලාශයන්හි නටඹුන් යළි මතුවෙමින් තිබෙන බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසති. ඊයේ (26) සවස 6.00 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 40 අගල් 9කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 39 අගල් 4කින් පහළ බැස තිබූ බව වාර්තා වේ.

අසීමාන්තික දඩ නිසා ගල් අඟුරු සමාගම බංකොලොත් වුවහොත් රටට ගල් අඟුරු නොලැබෙනවා – බිමල්

අසීමාන්තික දඩ නිසා ගල් අඟුරු සමාගම බංකොලොත් වුවහොත් රටට ගල් අඟුරු නොලැබෙනවා – බිමල්

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලය භාවිතා කරමින් විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සිදු කෙරේ.

තවදුරටත් වියළි කාලගුණය පැවතුනහොත් ජල විදුලි උත්පාදනයට බාධා ඇති විය හැකි බව ජලාශ භාර ඉංජිනේරුවන් අනතුරු අඟවා තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දීමෙන් පසු ශරීර ඇප දෙකක් මත මුදහරී

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දීමෙන් පසු ශරීර ඇප දෙකක් මත මුදහරී