ඉන්ධන පිරවුම්හලක ඩීසල්වලට ජලය මිශ්‍ර වෙලා සිදු වූ දෙයක්.
By Wayomi
බලන්ගොඩ සමුපකාර සමිතියට අයත් බලන්ගොඩ නගරයේ ඇති IOC ඉන්ධන පිරවුමිහලක ඩීසල් වලට වතුර මිශ්‍ර වි ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඒ, IOC සමාගමේ නිළධාරින් විසින් සිදු කළ ඉන්ධන පරික්ෂාවකදියි.
එම ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ ඩීසල් හේතුවෙන් වාහන ධාවනය කිරීමේදී වාහන කිහිපයක් ඊයේ (13) දා සවස අතර මග නතර වී ඇති අතර එම වාහන හිමියන් මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිත්වය දැනුවත් කර තිබුනා.
එම ඉන්ධනහල අයත් බලන්ගොඩ සමුපකාරසමිතියේ සභාපති ජනක ඉල්ක්තැන්න මහතා මේ සම්බන්ධයෙන් ඉන්ධන සමාගමේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර එම නිලධාරීන් පැමිණ ඉන්ධන හලේ ඇති ඉතිරි ඩීසල් තොග සහ අතර මග නතර වු වාහන වල ඇති ඩීසල් පරික්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී එම ඩීසල් වලට ජලය මිශ්‍ර වී ඇති බවට එම පරික්ෂණ වලින් තහවුරු වෙන බව පරික්ෂණ කණ්ඩායම තහවුරු කරගෙන ඇත.
