ප්‍රදේශ කිහිපයකට පැය 10ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න..

By Aruna May 28, 2023 07:37 AM GMT
Report

මාතලේ ප්‍රදේශ කිහිපයකට ලබන සඳුදා (28) උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කිවුල ඔය පහළ ප්‍රදේශය සහ කිවුල හීල්ස් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.

හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now