ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්. දැන්ම වතුර එකතු කරගන්නැයි දැනුම්දෙයි..

Report

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිස්සි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19 ) රාත්‍රී 10.00 සිට සෙනසුරාදා (20) උදෑසන 8.00 දක්වා පැය 10ක හදිසි ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.

මේ අනුව,

කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය

මහරගම සහ බොරලැස්ගමුව මහ නගර සභා බල ප්‍රදේශය

කොළඹ 4,5,7,8 ප්‍රදේශ වලට

මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි එම මණ්ඩලය පවසන්නේ.

ඒ අනුව අද රාත්‍රියේ සිට පැය 10ක කාලයක් මෙම ජල සැපයුම අත් හිටුවන අතර, මේ හේතුවෙන් ජනතාවට ඇතිවන අපහසුතාවය පිළිබඳ පාරිභෝගිකයන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන බවත්, තමනට අවශ්‍ය ජලය ගබඩා කර ගන්නා ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය කියා සිටිනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now