ජල පාරිභෝගිකයන්ට ජල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

Report

 පවතින එල්නිනෝ තත්ත්වයත් සමග ජල සම්පාදන මණ්ඩලය මගින් පානීය ජලය සඳහා ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවල අඩුවීමක් දක්නට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි .

ඒ මහතා සඳහන් කරන්නේ ඒ අනුව සමහර ප්‍රදේශ අඩු පීඩන යටතේ ජලය ලබාදීමට කටයුතු සිදු වෙන බවත්, මඩකලපුව වැනි ප්‍රදේශවලට ජලය ලබාදීමේ අපහසුතාවයකට පත්ව ඇති බවයි.

ස්වභාවික මූලාශ්‍ර මේ වන විට ජලය ලබා ගැනීමට සුදුසු ආකාරයෙන් සකස් කරමින් පවතින බවත්, ජලය අර පිරිමැස්මෙන් පාවිච්චිකිරීමට සියලු ජනතාව කටයුතු කල යුතු බවයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කර තිබේ

මෙන්ම ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීම මෙවැනි කාලයක අවශ්‍යතාවයක් බවත් ජලය සාමාන්‍ය පරිදි පවතින කාලය තුළදී වුවත් අරපීරිමැස්මෙන් පාවිච්චි කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

විදුහල්පති හිඟයට විසඳුම්- විදුහල්පතිවරුන් 4,000ක් අලුතින් සේවයට

විදුහල්පති හිඟයට විසඳුම්- විදුහල්පතිවරුන් 4,000ක් අලුතින් සේවයට

75 වැනි ලෝක රූ රැජින තරගයෙන් පසු ප්‍රතිභාගෙන් සංවේදී සටහනක් - "මම ආඩම්බර ජයග්‍රාහිකාවක්

75 වැනි ලෝක රූ රැජින තරගයෙන් පසු ප්‍රතිභාගෙන් සංවේදී සටහනක් - "මම ආඩම්බර ජයග්‍රාහිකාවක්