පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරට හදිසියේම සිදු වූ දේ මෙන්න..

Report

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එහි තාවකාලික නව නායකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව නිල වශයෙන් පත් කිරීමේ උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (16 වැනිදා) පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතව ඇත.

වෘෂභ, වෘශ්චික සහ මීන යන ලග්න වල අය අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..මේෂ, කන්‍යා,මකර සහ කුම්භ ලග්න වලට මල් 07යි..

වෘෂභ, වෘශ්චික සහ මීන යන ලග්න වල අය අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..මේෂ, කන්‍යා,මකර සහ කුම්භ ලග්න වලට මල් 07යි..


එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි මහතා පැවසුවේ, සිය පෙරමුණේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාකාරිව සිදු කිරීම සඳහා තරුණ නායකත්වයක් අවශ්‍ය බැවින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න ඒ සඳහා පත් කර ගත් බවයි.

විශේෂයෙන් සිය පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම මෙවැනි පත්කිරීමක් කිරීමට ප්‍රධාන හේතුව වූ බවද නියෝජ්‍ය ලේකම්වරයා වඩිදුරටත් සඳහන් කළේ.