වාසුගේ පක්ෂයේ නායකත්වය වෙනස් වෙයි - නව නායකයා මෙන්න...

Report

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත්කර තිබෙනවා.

අද (16) දින වාසුදේව නානායක්කාර විසින්ම නව නායකයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ආරම්භ කරනු ලැබූ පක්ෂයක්.

වාසුදේව මන්ත්‍රීවරයා සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා මෙම පත්කිරීම සිදුකළ බවයි.