අධිකරණය හමුවේ පෙනී සිටි වසන්ත මුදලිගේ.. වුණ දෙය මෙන්න..

Report

පොලීසිය ඊයේ (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමක් සිදු කළේ ය. 

ඒ පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට අදාළ පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.

මෙම පැමිණිල්ල ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවීය.

කලින් ලක්ෂ ගාණක රත්රන් අතුරුදන් වෙලා.. පවුලේ තිදෙනෙකු ගිනිගෙන මියයාම ඝාතනයක් ද?. නැත්නම්..

කලින් ලක්ෂ ගාණක රත්රන් අතුරුදන් වෙලා.. පවුලේ තිදෙනෙකු ගිනිගෙන මියයාම ඝාතනයක් ද?. නැත්නම්..

පැය 24ක් තුළ දෙපාරක්ම විදුලිය බිඳ වැටිලා.. අත්‍යවශ්‍ය නොවන රජයේ ආයතන සහ පාසල් පවා වසා දාලා..

පැය 24ක් තුළ දෙපාරක්ම විදුලිය බිඳ වැටිලා.. අත්‍යවශ්‍ය නොවන රජයේ ආයතන සහ පාසල් පවා වසා දාලා..


එහිදී වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ පරීක්‍ෂණ ගොනු, උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව සඳහන් කළේ ය.

ඒ අනුව නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය දැනුම් දුන්නේ ය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි 10 වනදා කැඳවීමටද අධිකරණය නියම කළේ ය.