''6 වසර මොඩියුලයෙන් වැඩිහිටියන් සඳහා වන වෙබ් අඩවිය ඉවත් කළාට පමණක් ප්‍රශ්නය විසදුමක් ලැබෙන් නෑ'' වරුණ රාජපක්ෂ කියයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරිම යහපත් දෙයක් බව සමගි ජන බලවේග මාධ්‍ය හමුවට එක් වෙමින් ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා සදහන් කර තිබේ .
වරුණ රාජපක්ෂ මහතා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
''අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරිම හොද දෙයක් . නමුත් ආණ්ඩුව ඒ හරහා සිදු කරන්නේ විපක්ෂයට දෝෂාරෝපණ එල්ල කිරිමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න විපක්ෂය දෙන්නේ නැහැ කියලා සමාජ ගත කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව අපේ කදවුර හැමදාම කිව්වා.නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියලා කිව්වේ ජවිපේ කණ්ඩායමයි. අපේ රටට හදුන්වාදෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දියුණු ප්‍රතිසංස්කරණ විය යුතුව තියනවා. හෙටට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගෙන එන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම දරුවන් තාක්ෂණය භාවිතා කිරිමට අපි විරුද්ධ වෙන්නේ නැහැ .
නමුත් ඒ සදහා අවශ්‍ය පහසුකම් දරුවන්ට ලබා දෙන්න කටයුතු කරන්න ඕනෙ. කියන්නම ඕනෙ මුලික දේවල් නැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගෙනල්ලා වැඩක් නැහැ.ජනාධිපතිවරයා කියන අඩුපාඩුම තමයි අපිත් ඉදිරිපත් කරන්නේ. නමුත් 6 වසර මොඩියුලයෙන් වැඩිහිටියන් සඳහා වන වෙබ් අඩවිය ඉවත් කළාට පමණක් ප්‍රශ්නය විසදුමක් ලැබෙන් නැහැ. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සාම්ප්‍රදායික ඉගෙනිම්වලට එහා ගිය දෙයක් ඕනෙ වෙනවා. ඒ වගේම අමාත්‍යවරු කරන කටයුතු දෙස බැලුවාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අනිවාර්යෙන් රටට අවශ්‍යම වෙනවා ''