ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වැළැක්වූ අනතුරු ඇඟවීම ඉවතට

Report

පවතින ආපදා තත්වය හේතුවෙන් දිවයින වට වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික හමුදා කටයුතුවල යෙදීම වළක්වලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කර ඇත.

මේ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ බව සදහන් කර තිබේ.

ගැඹුරු පීඩන අවපාතය කන්කසන්තුරය සිට කි.මී 320ක් ඊශාන දෙසින් උතුරු අක්ෂාංශ 12.5 සහ නැගෙනහිර දේශාංශ 80.5 ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත.

තවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වෙමින් ඇති අතර මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.