ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් ...මේ ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දීමක් ...

By Piyumika Jan 19, 2025 01:37 AM GMT
Report

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හී ඇතැම් ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව මුන්දෙනි ආරු ද්‍රෝණියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කොරලෙයිපත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ආශ්‍රිත පහත් බිම් සඳහා ඉදිරි පැය 24 දක්වා කාලය තුළ සුළු ගංවතුර තත්ත්යක් පැවතීමේ අවධානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

You may like this video