ප්‍රබල භූ කම්පනයක්...අනතුරු අඟවයි ... අවදානම්

Japan Earthquake World Sinhala news
By Dilasha Apr 01, 2025 05:40 AM GMT
Dilasha

Dilasha

Report

ඉදිරියේදී ජපානයට රික්ටර් පරිමාණයේ ඒකක 8ත් 9ත් අතර අගයක් ගත හැකි ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

දිය රකුසාට බිලිව කෙලවර වුණු විනෝද චාරිකාව

දිය රකුසාට බිලිව කෙලවර වුණු විනෝද චාරිකාව

මෙම භූකම්පනය ඇති වීමේ ඉඩ 80%ක් වන බව ජපාන රජය ප්‍රකාශ කරන අතර එම භූකම්පනයෙන් ජීවිත 300,000ක් පමණ අහිමිවිය හැකි බව ද අදාළ වාර්තා හෙළිදරව් කර තිබේ.

මෙම භූකම්පනය පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇතිවිය හැකි බවට ද එම භූකම්පනය ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක්ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය හැකි බවත් අදාළ වාර්තා සඳහන් කරයි.  

ජනපතිගෙන් ඇඟ හිරිවැටෙන කතාවක් (VIDEO)

ජනපතිගෙන් ඇඟ හිරිවැටෙන කතාවක් (VIDEO)

භූකම්පනය හේතුවෙන් ජපානයේ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.81ක් පමණ අහිමි විය හැකි බවද අදාළ වාර්තාවල වෙයි. 

ReeCha