චෝදනා ගොඩකට 'වල්පොල ලලා' තියුණු ආයුධ සමග කොටු

Report

මුල්ලේරියාව පොලීසිය විසින් නිවාසවලට ඇතුළු වී සොරකමේ යෙදෙන පුද්ගලයෙකු තියුණු ආයුධ, කඩු සහ මන්නා කිහිපයක් සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජකාරියේ නිරතව සිටි ⁣මුල්⁣ලේරියාව පොලිසියේ පොලිස් කණ්ඩායමක් විසින් වල්පොල හන්දියේදී සිදු කළ විශේෂ පරීක්ෂාවකදී “අයිස්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකසහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් පමණ වන සුමිත්‍ර ආරච්චිගේ ලලන්ත ගුණවර්ධන නොහොත් "වල්පොල ලලා" නමැති පුද්ගලයෙකි.

යතුරුපැදියක පැමිණ ඇති මෙම පුද්ගලයා සන්තකයේ මත්ද්‍රව්‍යවලට අමතරව තරාදියක් ද තිබී ඇත.

විනාශ කිරීමට සූදානම් කර තිබූ පාම් තෙල් අලෙවි කළ රේගු නිලධාරියෙකු අත්අඩංගුවට

විනාශ කිරීමට සූදානම් කර තිබූ පාම් තෙල් අලෙවි කළ රේගු නිලධාරියෙකු අත්අඩංගුවට

එහිදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ එම තරාදිය මාලබේ ප්‍රදේශයේ වෙළඳසැලකින් සොරකම් කළ බවත් එය විකිණීමට සූදානමින් සිටි බවයි.

 ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ, කඩු සහ මන්නා කිහිපයක් සොයාගෙන තිබේ ඒවා භාවිත කර අපරාධ සිදුකර ඇත්ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.

  තවද සැකකරු විසින් ගෑස් සිලින්ඩර්, වතුර මෝටර් වැනි භාණ්ඩ සොරකම් කර හීනටියන කුඹුර පාරේ පදිංචිකරුවෙකුට විකුණා ඇති අතර එම භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්  වේ.

එමෙන්ම අවිස්සාවේල්ල මාර්ගයේ යකඩ බඩු වෙළඳසැලකින් යකඩ භාණ්ඩ සොරකම් කර විකිණූ බවත්, මුල්ලේරියාව – අවිස්සාවේල්ල මාර්ගයේදී ද රුපියල් 30,000ක මුදලක් සොරකම් කළ බවත් සැකකරු විසින් හෙළි කර ඇත.

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු කඩාකප්පල් කිරීම ගැන සෞදිය කනස්සල්ලෙන්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු කඩාකප්පල් කිරීම ගැන සෞදිය කනස්සල්ලෙන්

මෙම සියලු කරුණු අනුව, සිද්ධීන් හයකට සැකකරු සම්බන්ධ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු අද (24) අලුත් කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.