ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් සාම පාගමන දඹුල්ලෙන් අද ඇරඹෙයි
ජාත්‍යන්තර අවධානය දිනාගත් "Walk For Peace" හෙවත් "ඒහිපස්සිකෝ" සාමයේ පා ගමන අද (22) උදෑසන 6.30ට දඹුල්ලෙන් ආරම්භ විය.
අප්‍රේල් 28 වැනිදා දක්වා ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම පා ගමනේ පළමු දිනය අද දඹුල්ලේ සිට මාතලේ අලුවිහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.
මෙම පා ගමන සඳහා වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ පිරිසක් ඊයේ දිවයිනට ළඟා වූහ.
මෙම භික්ෂූන් වහන්සේලා මීට පෙර අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින්, දින 110ක් පුරා සැතපුම් දහස් ගණනක් ඇවිදිමින් ලෝක සාමය වෙනුවෙන් සිදුකළ පා ගමන ජාත්‍යන්තර වශයෙන් දැඩි කතාබහට ලක්විය.
භික්ෂූන් වහන්සේලා 200 නමකට වැඩි පිරිසක් සහභාගී වන මෙම විශේෂ සාම චාරිකාව සඳහා අමෙරිකාවේ පා ගමනට ද සහභාගී වූ "ආලෝකා" නැමැති සුනඛයා ද එක්ව සිටීම සුවිශේෂී සිදුවීමකි.