ගුවන් යානාවක් කඩා වැටී වැග්නර් නායකයාත් සමගින් 10ක් ජිවිතක්ෂයට?.. - විඩියෝ දර්ශන සහිතයි. (VIDEO/PHOTOS)

United Russia Russo-Ukrainian War Ukraine Death Russia
By krishani Aug 23, 2023 06:45 PM GMT
krishani

krishani

Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව අසාර්ථක කුමන්ත්‍රණයකට නායකත්වය දුන් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ගමන් ගත් ගුවන් යානය අනතුරකට ලක් වී ඇති බව වාර්තා වේ.

එම යානයේ සිටි මගීන්ගේ ලැයිස්තුවේ Yevgeny Prigozhin ද සිටි බව රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය.

ඒ මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට සිදු වී තිබෙන්නේ.

අනතුරින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් ඇති අතර නමුත් Prigozhin ගුවන් යානයට ගොඩ වූවා ද යන්න පැහැදිලි නොමැති බව සඳහන් වන්නේ.

Dimitri Otkin නම් වු වැග්නර් හමුදාවේ ඉහළ පෙලේ නායකයෙකු ද මෙහි සිට ඇති බව වාර්තා වේ.

වැග්නර් බලකාය විසින් රුසියානු පාලනය යටතේ පැවති නැගෙනහිර යුක්රේනයට මායිම්ව පිහිටි රොස්තොව් නගරය පළමුව අත්පත් කරගත් අතර පසුව ඔවුන් වෙරොනිෂ් නගරයේ බලය ද අත්පත් කරගනු ලැබීය.

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහය ලබාදෙන කුලී හේවා බලකායක් ලෙසයි වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කරනු ලබන්නේ.

නමුත් රුසියාවට සහය දැක්වීමට ඉදිරිපත් වූ වැග්නර් බලකායට අයත් ප්‍රදේශයකට රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් රුසියානු පාලන යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය ආරම්භ කළේ ය.

කෙසේ වෙතත් ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව කැරලි ගැසීමෙන් මාස කිහිපයකට පසුවයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

එම විඩියෝ දර්ශන පහතින් නරඹන්න,




GalleryGallery
ReeCha