පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්..!

By Sithumi Jun 24, 2023 10:15 AM GMT
Report

 ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කළේ, රුසියාවට විරුද්ධව සන්නද්ධ අරගල සිදුකරන කණ්ඩායම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ,රුසියානු වැග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානියා විසින් එරට හමුදාවට එරෙහිව කැරැල්ලක් ප්‍රකාශයට පත්කිරීමේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමිනි.

 වැග්නර් බළකායේ ප්‍රධානියා ප්‍රකාශකර ඇත්තේ, රුසියානු හමුදා නායකත්වය පෙරළා දැමීම සඳහා තම කණ්ඩායම් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවය.

යුක්‍රේනයට එරෙහි ගැටුම්වලදී රුසියාවට සහාය දැක්වීමට ඉදිරිපත් වු වැග්නර් කණ්ඩායමට අයත් ප්‍රදේශයකට රුසියානු හමුදා විසින් ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බව කියන සිද්ධියක් මුල් කරගනිමින් එම ගැටලුකාරී තත්ත්වය නිර්මාණය වී තිබේ.

මේ වන විටත් රුසියාවේ ඇතැම් ප්‍රදේශ වැග්නර් කුලී හේවා කණ්ඩායම සිය ග්‍රහණයට ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති අතර රාජ්‍ය රැකගැනීම සඳහා රුසියාව තුළ හදිසි රෙගුලාසි බලාත්මක කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්ය.