වැග්නර් ප්‍රධානියාගේ මිය යාම ගැන පුටින් කීවේ මෙවැන්නක් - තවත් ප්‍රබලයින් දෙදෙනෙකුත් අදහස් දක්වයි. (VIDEO)
වැග්නර් ප්‍රධානියාගේ මිය යාම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අදහස් දක්වා තිබෙනවා.
ඒ Yevgeny Prigozhin බරපතල වැරදි කළ දක්ෂ මිනිසෙක් යනුවෙන් ය.
මෙම අනතුරින් මියගිය සියලු දෙනාගේ පවුල් වෙත තම ශෝකය පල කරන බවත් මේ සම්බන්ධයෙන් රුසියානු විමර්ශන කමිටුව විසින් විමර්ශනයක් සිදු කරමින් සිටින බවත් රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ ය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ මෙම අනතුරට යුක්‍රේනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සිය කණගාටුව පළ කරන බවත් ය.
කෙසේ වෙතත්, පුටින් ඒ පිටුපස සිටින්නට ඇති බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ ය.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව අසාර්ථක කුමන්ත්‍රණයකට නායකත්වය දුන් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ගමන් ගත් ගුවන් යානය අනතුරකට ලක් වූයේ මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් සිටිය දී ය.
එම අනතුරින් පුද්ගලයන් දස දෙනෙකු මියගිය අතර Dimitri Otkin නම් වු වැග්නර් හමුදාවේ ඉහළ පෙලේ නායකයෙකු ද මෙහි සිට ඇත.
වැග්නර් බලකාය විසින් රුසියානු පාලනය යටතේ පැවති නැගෙනහිර යුක්රේනයට මායිම්ව පිහිටි රොස්තොව් නගරය පළමුව අත්පත් කරගත් අතර පසුව ඔවුන් වෙරොනිෂ් නගරයේ බලය ද අත්පත් කරගනු ලැබීය.
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහය ලබාදෙන කුලී හේවා බලකායක් ලෙසයි වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කරනු ලබන්නේ.
නමුත් රුසියාවට සහය දැක්වීමට ඉදිරිපත් වූ වැග්නර් බලකායට අයත් ප්‍රදේශයකට රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් රුසියානු පාලන යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය ආරම්භ කළේ ය.
කෙසේ වෙතත් ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව කැරලි ගැසීමෙන් මාස කිහිපයකට පසුවයි මෙම අනතුර සිදුවී ඇත්තේ.
