රුසියානු ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Report

යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සාකච්ඡා පිළිබඳ අදහස තමා ප්‍රතික්ෂේප කර නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සඳහන් කර සිටියි.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යුක්‍රේන හමුදා විසින් ප්‍රහාර එල්ල කරන අතරතුර සටන් විරාමයක් ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

මේ බව එනම් යුක්‍රේන - රුසියා අර්බුදය පිළිබඳව අප්‍රිකානු නායකයින් සමග පැවති හමුවකින් අනතුරුව ව්ලැද්මීර් පුටින් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් මොස්කව් නුවර කාර්යාල ගොඩනැගිලි දෙකකට හානි සිදු වී තිබෙනවා.

එම ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.