නවතම වෛරසයක් පැතිරීමෙන් පාසල් විශාල ප්‍රමාණයක් වසාදමයි..1000ක් නිරෝධායනය කරයි..
Virus
Indian 2
World
National Health Service
By Aruna
නවතම වෛරසයක් මේ වන විට ඉන්දියාව කේරල ප්‍රාන්තයේ පැතිරෙමින් පවතින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
මේ වන විට කේරලයේ අසාධිත සංඛ්‍යාව දහස ඉක්ම වන අතර ඔවුන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම මාරාන්තික වෛරසය 40 – 75% අතර මරණ අනුපාතයක් පවතින අතර රෝගයේ ස්භාවය නම්, අසාධනයෙන් පසු මොලයේ සෛල විනාශ වීමට පටන් ගන්නා අතර කෝමා තත්ත්වයට පත්වීමෙන් පසු මිය යන බවයි WHO පවසන්නේ.
දැනට මෙම වෛරසයට කිසිදු ප්‍රතිකාරයක් සොයා ගෙන නැති අතර, මේ වන විට කේරලයේ කොස්කෝඩ් හි සියළු පාසල් වසා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
