සරසවි සිසුන්ගෙන් ආරක්ෂක නිලධාරීන්ට පහරදීමක්

Report

කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස් පහර දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මේ වන විට කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

සරසවි සිසුන්ගෙන් ආරක්ෂක නිලධාරීන්ට පහරදීමක් | Violence Activity Of University Student

විශ්ව විද්‍යාලය තුල පිහිටි නේවාසිකාගාරයක රැදී සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සිසුන් පිරිසක් පැමිණ බලහත් කාරයෙන් යතුරුපැදිවල නංවාගෙන විශ්වවිද්‍යාලයේ තවත් ස්ථානයකට ගෙන විත් පහර දී ඇති බවත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් වැඩිදුරටත් පොලිසිය සඳහන් කළේය.