ආන්දෝලනාත්මක අගමැති හරිනිගේ සහ අමාත්‍ය විජිතගේ රුව සහිත මුද්දර ගැන අලුත් කතාවක්. - (PHOTOS)

Vijitha Herath National Post Day Harini Amarasuriya
By Wayomi Oct 10, 2024 09:26 AM GMT
Wayomi

Wayomi

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක් බව තැපැල්පති රුවන් සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ලෝක පැපැල් දින ජාතික සැමරුම් උළෙල අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී එම සැමරුම් උළෙල සඳහා විෂය භාර අමාත්‍ය විජිත හේරත් සහභාගී වූ අතර 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව පැපැල් සංගමයේ 150 වන සංවත්සර සමරු මුද්දරය නිකුත් කිරීම ද සිදු කරනු ලැබුවා.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.


මේ අතර එම අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන ආරාධිතයින් දෙපල වෙත, ඔවුන්ගේ රුව සහිත පුද්ගලකාරක මුද්දර ඇතුලත් සමරු තිළිණ දෙකක් ප්‍රදානය කිරීම සිදුවිය. 🟡තැපැල් දෙපාර්තමේන්තුව විසින් කාණ්ඩ කිහිපයක් යටතේ මුද්දර නිකුත් කරනු ලබන අතර, 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව නැපැල් සංගමයේ 150 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය සමරු මුද්දර කාණ්ඩයටත්, උත්සවයේ ආරාධිතයින් දෙපල වෙත තිළිණ කළ මුද්දර පුද්ගලකාරක මුද්දර කාණ්ඩයටත් අයත් වේ.

සැමරුම් සඳහා නිකුත් කරනු ලබන මුද්දර සමරු කාණ්ඩයටත් එදිනෙදා තැපැල් කටයුතු සඳහා භාවිතයට ගැනීම සඳහා විශාල සංඛ්‍යාවන්ගෙන් මුද්‍රණය කරනු ලබන මුද්දර, නිත්‍ය කාණ්ඩයටත් අයත් වේ.

එමෙන්ම පුද්ගල කාරක මුද්දර, ඕනෑම පුද්ගලයෙකුට තමා නැමති රුවක් යොදා මුද්‍රණය කර ලබා ගැනීමට හැකියාව ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුව, සම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්හිදී පුද්ගලකාරක මුද්දර, සිහිවටන ලෙස ලබා දීම සිදු කරනු ලබනවා.

මෙය හුදෙක්ම සිහිවටක තිළිණයක් පමණක් වන අතර මේ වන විට මෙම සිදුවීම විකෘති කරමින් සමාජ මාධ්‍යයන් තුල පුවතක් හුවමාරු වෙමින් පවතී.

Google එකේ ලංකාව යළි අංක එකට – හෝමාගම සහ පොලොනරුවේ - කළුකැලේ කප් ගහයි.

Google එකේ ලංකාව යළි අංක එකට – හෝමාගම සහ පොලොනරුවේ - කළුකැලේ කප් ගහයි.


2024 ලෝක කැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරනු ලැබුවේ විශ්ව තැපැල් සංගමය විසින් සියළුම සාමාජිකරටවල මුද්දර සඳහා යොදා ගැනීමට නිර්මාණය කරන ලද චිත්‍ර ආකෘති ඇසුරෙන් නිර්මාණය කරන ලද මුද්දර දෙකක් වන අතර, එම මුද්දර සහිත මුල්දින කවරවල ඡායාරුප පහතින් දැක්වේ.

මේ අතර මෙවර ලෝක පැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය තුමියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව ඇතුලත් මුද්දර නිකුත් නොකල බවද වැඩිදුරටත් සඳහන්. 

සැත්කමකින් පසු මියගිය දැරිය. - අවසානයේ තිබ්බ වකුගඩුවත් මිසින්. - වෛද්‍යවරයා ගැන අධිකරණය ගත් විශේෂ තීරණය මෙන්න.

සැත්කමකින් පසු මියගිය දැරිය. - අවසානයේ තිබ්බ වකුගඩුවත් මිසින්. - වෛද්‍යවරයා ගැන අධිකරණය ගත් විශේෂ තීරණය මෙන්න.



GalleryGallery