වෙනම ලාංඡනයකින් විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට...
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ, විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවයි.
ශ්‍රීලනිපයේ ලාංඡනයේ හිමිකම පිළිබඳ තීරණය උසාවිය ඉදිරියේ ඇති නිසා, ජනාධිපතිවරණයට වෙනම ලාංඡනයකින් තරග කරන බව ද ඒ මහතා කීය.
එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනපති වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සිට තමා දක්වා කිසිවකු ජනපතිවරණ දිනුවේ පක්ෂයේ ලාංඡනයෙන් තරග කර නොව පොදු ලකුණකින් බවයි.
ශ්‍රීලනිපය මේ රටේ පොදු ජනතාවගේ පක්ෂය බවත්, මොන බාධක ආවත් එය රැක ගැනීම තම වගකීම බවත් සඳහන් කළ ඒ මහතා, රටට අවශ්‍ය ඍජු අවංක දේශපාලන නායකත්වයක් ජනපති සටනට එක්කිරීම තමාගේ මෙන්ම පක්ෂයේ අභිවෘද්ධිය පතා කාගේත් වගකීම බව තමා විශ්වාස කරන්නේ යැයි ද කීවේය.(උපුටාගැනීමක්)