තමිල්නාඩුවම අතරමං කළ විජේගේ මහ ඇමති හීනේ හෙටවත් ඉටු වෙයිද? තලපති විජේ හෙට දිවුරුම්දීමට නියමිතයි

By Kaushi May 09, 2026 03:49 PM GMT
Report

තමිල්නාඩුවේ මහඇමති වශයෙන් ජෝෂප් විජේ හෙට (10) දින දිවුරුම්දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු පස්වරු 03.15ට නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දිවුරුම් දෙනු ඇති බව සඳහන්.

ඉකුත්දා පැවති මැතිවරණයෙන් ආසන 108 දිනාගත් විජේගේ නායකත්වයෙන් යුත් තමිලග වෙට්ට්‍රි කළගම් පක්ෂයට ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ සහාය අවශ්‍ය විය.

ඒ අනුව ඉන්දීය කොංග්‍රසයේ සහ වාමාංශික පක්ෂවල සහාය ඇතිව මේ වනවිට විජේට පක්ෂපාතී සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 120ක් බව සඳහන්.

විජේට මහ ඇමති පුටුව හීනයක් වෙයි? - මහ ඇමති ලෙස දිවුරුම් දෙන්න විජේට ආරාධනා නොකරයි

විජේට මහ ඇමති පුටුව හීනයක් වෙයි? - මහ ඇමති ලෙස දිවුරුම් දෙන්න විජේට ආරාධනා නොකරයි

මේ බව තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත දැන්වීමෙන් පසුව දිවුරුම්දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තලපති විජේ සමඟ මන්ත්‍රීවරුන් නව දෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම්දීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් තමිල්නාඩුවේ ඉකුත් දින කිහිපය තුළ පැවති දැඩි දේශපාලන අවිනිශ්චිතභාවය අවසන් වූයේ අද (මැයි 9, 2026) සවස තමිල්නාඩුවේ වෙට්‍රි කසාගම් (TVK) සභාපති සහ ප්‍රාන්තයේ තනි විශාලතම පක්ෂයේ නායක සී. ජෝසප් විජේ චෙන්නායි හි ලොක් භවන්හිදී ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් හමුවී, සාමාජිකයින් 234 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ තේරී පත් වූ මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහාය ඇතිව රජයක් පිහිටුවීමට හිමිකම් පෑමෙන් බව වාර්තා වේ.

තමිල්නාඩුවම බලා සිටි මොහොත උදා වෙයි - හෙට උදේම නව මහ ඇමති ලෙස තලපති විජේ දිවුරුම් දෙන්න සැරසෙයි?

තමිල්නාඩුවම බලා සිටි මොහොත උදා වෙයි - හෙට උදේම නව මහ ඇමති ලෙස තලපති විජේ දිවුරුම් දෙන්න සැරසෙයි?

මේ අතර තලපති විජේ ඊයේ (08) දින එරට වෙලාවෙන් සවස 6.00ට පමණ තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආර්.වී. අර්ලේකර් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් අද (09) දින උදෑසන 11.00ට පමණ මහ ඇමති ලෙස දිවුරුම් දෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් එරට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එහෙත් එවැනි ආරාධනයක් කර නොමැති බව තමිල්නාඩු ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග පසුව සඳහන් කර තිබුණා.  

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

ඉන්දියාව විනාසයි? දකුණු ආසියානු මිලිටරි ඉතිහාසයේ තීරණාත්මකම ආරක්ෂක ගනුදෙනුවෙන් ඉන්දියාව වටේට මිසයිල සවි කරයි

ඉන්දියාව විනාසයි? දකුණු ආසියානු මිලිටරි ඉතිහාසයේ තීරණාත්මකම ආරක්ෂක ගනුදෙනුවෙන් ඉන්දියාව වටේට මිසයිල සවි කරයි