විජේ මැවූ මහ ඇමති සිහිනය කල් යයි - ආණ්ඩුව පිහිටුවීමට නම් බහුතරය තහවුරු කළ යුතු බව නිල වශයෙන් දන්වයි
තමිල්නාඩුයේ ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය බහුතර සහාය TVK පක්ෂය විසින් තහවුරු කළ යුතු බව ආණ්ඩුකාරවරයා අවධාරණය කර ඇත.
තමිල්ග වෙට්රි කසාගම් පක්ෂයේ නායක සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ අද (7) තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුණ ද එය සිදු නොවෙයි.
ඒ, තමිල්නාඩු කොංග්රස් පක්ෂය සමග සන්ධානගත වුවත්, විජේගේ තමිල්ග වෙට්රි කසාගම් පක්ෂයට බලය පිහිටුවා ගැනීමට අවශ්‍ය බහුතරය නොලැබීම ගැටළුවක් බවට පත්ව තිබේ.
බහුතරය සඳහා ආසන 118 ක් අවශ්‍ය වෙයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් විජේගේ තමිල්ග වෙට්රි කසාගම් පක්ෂයට හිමිවූයේ ආසන 110 කි.
ඉතිරි ආසන අට සම්පූර්ණ කර ගැනීමට සහාය දෙමින් තමිල්නාඩු කොංග්රස් පක්ෂය, තමිල්ග වෙට්රි කසාගම් පක්ෂය සමග සන්ධානගතවීමට සූදානම් බව තහවුරු කළේය.
පසුගිය මැතිවරණයෙන් කොංග්රස් පක්ෂයට හිමිවුණු ආසන ගණන 5 කි. තවත් ආසනවල අඩුවක් ඇත.
එබැවින්, විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයන් තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවූ අතර එම අවස්ථාවේදී විජේ සහ ඔහුගේ පක්ෂයට බහුතරය පෙන්වීම ගැටලුවක් වේ තමිල්නාඩු කොංග්රස් පක්ෂය යනු, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන රාහුල් ගාන්ධි සභාපති ධුරය දරණ කොංග්රස් පක්ෂයේ තමිල්නාඩු නියෝජනයකි .
ආණ්ඩුකාරවරයා නිකුත් කළ නිවේදනයකට අනුව, ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සංඛ්‍යාත්මක සහාය මෙතෙක් සම්පූර්ණ වී නොමැති බව පෙන්වා දී තිබේ.
ඒ අනුව බහුතර සහාය පිළිබඳ පැහැදිලි සාක්ෂි සහ මන්ත්‍රීවරුන්ගේ සහාය ලිපි ඉදිරිපත් කිරීමෙන් පසු පමණක් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වනු ඇති බවද එම නිවේදනයේ සඳහන් ය