රජිනිකාන්ත්, කමල් හසන් ඇතුළු තරු වැලක් හඬවමින් සිනමාවේ මහා දේවදූතයා සදහටම නික්ම යයි
දෙමළ සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන භාරදිරාජා මහතා අභාවප්‍රාප්ත වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ සිනමා දිවිය ආරම්භ වූයේ “16 වයතිනිලේ” චිත්‍රපටය හරහා වන අතර, එම චිත්‍රපටයෙන්ම රජිනිකාන්ත්, කමල් හසන් සහ ශ්‍රීදේවි වැනි ප්රමුඛ නළු නිළියන් සමඟ කටයුතු කරමින් ඔහු විශාල අවධානයක් දිනාගත්තේය.
ඉන්පසු ඔහු “Muthal Mariyathai”, “Kilakke Pogum Rail”, “Alaigal Oivathillai” වැනි සාර්ථක චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ අතර රාධිකා සරත් කුමාර්, රාධා සහ කාර්තික් වැනි නළු නිළියන් සිනමාවට හඳුන්වා දීමෙන්ද ඔහු ප්‍රසිද්ධියට පත්විය.
ඔහු අධ්‍යක්ෂවරයෙකු ලෙස පමණක් නොව නළුවෙකු ලෙසද “Thiruchitrambalam” ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක විය.
ඔහුගේ එකම පුත්‍රයා වන අධ්යක්ෂ හා නළුවෙකු වූ මනෝජ් භාරදිරාජා මහතාගේ අභාවයත් සමඟ ඔහු දැඩි මානසික හා ශාරීරික පීඩාවකට ලක්වූ බවද වාර්තා වේ.
ඉන්පසු දිගුකාලීන සෞඛ්‍ය ගැටලු හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු, නැවතත් අසනීප වීමෙන් අනතුරුව නීලංකරයේ පිහිටි නිවසේදී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව සඳහන් වේ.
ඔහුගේ අභාවයත් සමඟ ඉන්දියානු සිනමා ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් ශෝකය පළ කර ඇති බවද වාර්තා වේ.