මේ වසරේ වෙසක් දන්සල් 2000යි....

Report

වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වන දන්සල් ලියාපදිංචි වී ඇත්තේ 2,000 ක් පමණක් බව අනාවරණය වී තිබෙනවා.

එය පසුගිය වසරට (2024) සාපේක්ෂව විශාල අඩුවීමක් බව ද පසුගිය වසරේ දී වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 7,500 ක් ලියාපදිංචි වී තිබුණු බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

කෙසේ වෙතත් මෙවර ලියාපදිංචි වී ඇති දන්සල් දෙදහස අතරින් වැඩි වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ බීම සහ අයිස්ක්‍රීම් දන්සල් බවද පෙර වසර වලට සාපේක්ෂව මෙවර බත් දන්සල් අඩුවක්ද පෙන්නුම් කරන බව සභාපතිවරයා සඳහන් කළා.

එමෙන්ම ලියාපදිංචි වී ඇති දන්සල් දෙදහස අතරින් වැඩිම දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචිවී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේය.

පුංචි ඡන්දෙට පාතාලෙන් 34 දෙනෙක් තරඟ කරලා....

පුංචි ඡන්දෙට පාතාලෙන් 34 දෙනෙක් තරඟ කරලා....

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන දන්සල් පිළිබඳ තොරතරු අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දන්සල් සංවිධායකවරුන් ලබා දිය යුතු වනවා. සංවිධායකවරුන් සකස් කරගත් ලිපියක් මගින් හෝ අදාළ කාර්යාලවල ඇති අයදුම්පතක් සම්පූර්ණ කිරීමෙන් අදාළ තොරතුරු ලබාදිය හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන සෑම දන්සලක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කරනු ලබයි.

මේ අතර එළඹෙන වෙසක් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා පවත්වනු ලබන දන්සල් පිළිබඳ කටයුතු කිරීම සඳහා වූ විධිවිධාන සම්බන්ධයෙන් දන්සල් සංවිධායකයන් සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ ආහාර හා පාලන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මාලි ජයසේකර ප්‍රකාශ කළේ දන්සල් ආශ්‍රිතව ආහාර අනුභව කරන අවස්ථාවල දී දෑත් සේදීම සඳහා ජල පහසුකම් සේදුම්කාරක දියර සැපයීම අනිවාර්ය බවය. 

සමාජයේ සැළකිලි ලැබෙන දවසක්....මේ ලග්නවල අය ප්‍රවේශමෙන් කටයුතු කරන්න.......

සමාජයේ සැළකිලි ලැබෙන දවසක්....මේ ලග්නවල අය ප්‍රවේශමෙන් කටයුතු කරන්න.......