ඩයනා ගමගේට එරෙහි නඩු 7න් 5ක් පවත්වාගෙන යනවාද තීන්දුව මැයි 26 දා
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධීන් හතක් සම්බන්ධයෙන් පවරා ඇති නඩු හතෙන් දෙකක් මේ වනවිට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී
සමාන නඩු එකම අධිකරණයක පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට අගතියක් වන බව පවසමින් දැනට පවත්වාගෙන යන නඩු දෙක හැර අනෙක් නඩු අවසන් වනතෙක් බහා තබන ලෙස හෝ වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස සැකකාර මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර ඇත.
මෙම නඩුකරයන් කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති ඩයනා ගමගේ මහත්මිය විවෘත අධිකරණය හමුවේ පෙනී සිට ඇත සැකකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් චෝදනා හතක් ගොනු කර ඇති අතර ඉන් චෝදනා දෙකකට අදාළ නඩු විභාගයට අදාළ සාක්ෂි විභාගයේ පැමිණිලිකරුගෙන් සාක්ෂි ගැනීම අධිකරණය හමුවේ ආරම්භ කර තිබුණි.
2016 වසරේ ජූලි මස 14 වැනි දින සිට 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,
2018 ජූලි මස 17 දින සිට 2019 ජූලි මස16 දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,
2020 ජූලි මස 16 දින හා 2020 නොවැම්බර් මස 1 කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,
2020 ජූලි මස 17 වැනි දින සිට 2020 නොවැම්බර් මස පළමුවැනි දින දක්වා කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,
2014 ජනවාරි මස 20 දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා හට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම
ඇතුළු චෝදනා හතකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඇයට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර තිබේ.
නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.