මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.
Sri Lanka Government
vehicle imports sri lanka
By Wayomi
වාහන ආනයනයට යළි අවසර හිමි වීමේදී පළමු අදියර යටතේ බස් සහ ලොරි රථ ගෙන්වීමට අවසර හිමිවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.
මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා තවත් දින කිහිපයක් ඇතුළත මුදල් අමාත්‍යංශයේ අවසර හිමිවනු ඇති බවයි එහි සභාපති ඉන්දිය සම්පත් මෙරෙන්චිගේ මහතා පවසන්නේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වාහන ආනයනයේ දෙවන සහ තුන්වන අදියර යටතේ මෝටර් රථ ගෙන්වීම ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසය අතර කාලසීමාවේදී ආරම්භ වනු ඇති බවයි.
එමෙන්ම භාවිත කළ වාහන ආනයනයේදී දැනට පවතින සීමා ලිහිල් කර ගතහොත් රජයට වැඩි ආදායමක් ලබා ගැනීමට සහ විදේශ විනිමට ඉතිරි කර ගැනීමේ හැකියාවක් පවතින බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මෙහිදී අවධාරණය කරනවා.
You may like this video