අද සිට වාහන ආනයනයට විශේෂ කොන්දේසි මාලාවක්..මෝටර් රථ වලටත් බදු පැනවෙන්නෙ මෙහෙමයි..

Report

වාහන ආනයනය සම්බන්ධව ඊයේ (31) නිකුත් කළ ගැසට්ටුවට අදාලව කොන්දේසි කිහිපයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබේ.

ඒ අනුව, එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැය කරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අඩු කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවර භාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාලව එම කොන්දේසි පනවනු ලබන බවයි.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


එමෙන්ම, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30% ක තීරුබද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට්ටුව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ, දැනට ක්‍රියාත්මක 20% ක් වු තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50% ක අධිහාරය සමඟ රේගු ආඥා පනත (235 වන අධිකාරය) යටතේ මුළු තීරුබදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇතිබවයි.

රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..


මේ අනුව වාහන ආනයනය සම්බන්ධයෙන් පැනවූ විශේෂ කොන්දේසි පහත පරිදි වේ👇

You May Like This Video



GalleryGallery