වාහනයේ බද්දෙන් ලක්ෂ 36ක් අඩු කරල වාහන විශාල ප්‍රමාණයක් ගේන්න අවසර දීලා..බද්දට මොකද වුණේ.

Government Employee Electric Vehicle Income Tax Department Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Jan 19, 2025 02:13 AM GMT
Aruna

Aruna

Report

වාහන ආනයනය නතර කළ 2020 වසරේ සිට මේ දක්වා වූ වසර පහක කාල සීමාව තුළදී රජයේ විධායක මට්ටමේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000 ක් නිකුත් කර ඇති නමුත්, එම බලපත්‍රවලට අදාළව වාහන ගෙන්වීමට අවසර ලබාදීම සම්බන්ධව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.

ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් රජය ඉකුත් 2020 වසරේ දී වාහන ආනයනය නතර කිරීමට කටයුතු කළද, රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම මේ දක්වා අඛණ්ඩව සිදු කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

ඉදිරි පැය 24 ගැන විශේෂ අනතුරු ඇඟවීමක්..ප්‍රදේශ රැසක ජනතාව මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

ඉදිරි පැය 24 ගැන විශේෂ අනතුරු ඇඟවීමක්..ප්‍රදේශ රැසක ජනතාව මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..


ඒ අනුව, එම අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ, 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළදී තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවයි.

රජය වාහන බලපත්‍ර නිකුත් කිරීම කාණ්ඩ කීපයක් යටතේ සිදුකරනු ලැබේ.

මේ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නිකුත් කරන වාහන බලපත්‍රය පහසුකම් රැසකින් සමන්විත වනවා.

මීට අමතරව, අමාත්‍යාංශ ලේකම්වරුන්ට, විධායක ශ්‍රේණියේ ආයතන ප්‍රධානීන්ට හා රජයේ සේවකයන්ට, විධායක ශ්‍රේණියේ විශ්‍රාමික රජයේ සේවකයන්ට මෙම වාහන බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

ලක්ෂ 12ට විට්ස් කාර් එකක්..හැමෝම කාර් ගේන්න යයි..නලීන්ගේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් ආණ්ඩුව කරපු දේ බලන්න.

ලක්ෂ 12ට විට්ස් කාර් එකක්..හැමෝම කාර් ගේන්න යයි..නලීන්ගේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් ආණ්ඩුව කරපු දේ බලන්න.


අදාළ වාහනයේ බදු ගණනය කර, එම බද්දෙන් රුපියල් ලක්ෂ 36 ක් දක්වා වූ මුදලක් වාහන බලපත්‍රලාභීන් වාහනයක් මිලදී ගැනීමේ දී අඩු කරනු ලබයි.

මේ වසරේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා වාහන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

බලපත්‍ර යටතේ වාහන ආනයනයට අවස්ථාව ලබාදීම මගින් රජයට ලැබෙන බදු ආදායම අඩුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියා සිටියි.

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..


වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදීම මගින් දළ දේශීය නිෂ්පාදිතයට සියයට එකකට (1%) වැඩි බදු ආදායම් ලැබේයැයි මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.

මුදල් අමාත්‍යාංශය කියා සිටින්නේ, පසුගිය කාලයේ විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන 924 ක් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බවත්, එහිදී රුපියල් මිලියන හයක බදු සහනයක් ලබාදුන් බවයි.

You May Like This Video



ReeCha