මන්ත්‍රීවරුන් පිරිසකට වාහන ආනයනය කරයි ද?..එක වාහනේ 03ක් යන එක දැන් ප්‍රශ්නයක් වෙලා.

Parliament of Sri Lanka Government Of Sri Lanka Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Jan 16, 2025 04:34 AM GMT
Aruna

Aruna

Report

ඇමති වගකීම් නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන හිඟතාවයක් ඇති අතර ඔවුන් සඳහා ඩබල් කැබ් රථ ආයනය කරන්නේද නැතහොත් වෙනත් මූලාශ්‍රයකින් සපයා ගන්නේදැයි සලකා බලමින් සිටින බව අමාත්‍යවරයෙක් පැවසූ බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කර සිටිනවා.

පෙරදීමෙන් තීරැ බදු රහිතව වාහන ආනයනය බලපත්‍ර ලබාදීම වෙනුවට මන්ත්‍රීවරුන්ට රජයේ වාහන පැවරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත.

එමෙන්ම වියදම් අඩු කිරීමේ අදහසින් ඔවුන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදීමටද රජය තීන්දු කර තිබේ.

කිඹුලගෙ කටට ඔළුව ගිය 07 වසරේ පාසල් සිසුවා..දිය යටදි ඔළුව කටින් එලියට ගත් බිහිසුණු සිදුවීම මෙන්න..

කිඹුලගෙ කටට ඔළුව ගිය 07 වසරේ පාසල් සිසුවා..දිය යටදි ඔළුව කටින් එලියට ගත් බිහිසුණු සිදුවීම මෙන්න..


මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගෙන් පුවත්පත විමසා ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ රජයට ප්‍රමාණවත් තරම් සුඛෝපභෝගී වාහන ඇතත් ඒවා ප්‍රතිපත්තිය අනුව මන්ත්‍රීවරුන්ට ලබා දිය නොහැකි බවය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ, සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් තක්සේරු කිරීමක් මේ වන විට සිදු කරමින් පවතින බවත් පසුව ඒවා වෙන්දේසි කරන බවයි.

දැනට පවතින වාහන ආනයන සීමාවන් ලිහිල් කළ පසු ද්විත්ව කැබ් රථ ඔවුන්ගේ භාවිතය සඳහා ආනයනය කරන්නේ දැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

‘අපේ මන්ත්‍රීවරුන් වැඩිපුරම පළමු වතාවට පෙනී සිටින මන්ත්‍රීවරු. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීමට කොළඹට යන්නේ තමන්ගේම වාහනවලින්.

ලක්ෂ 12ට විට්ස් කාර් එකක්..හැමෝම කාර් ගේන්න යයි..නලීන්ගේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් ආණ්ඩුව කරපු දේ බලන්න.

ලක්ෂ 12ට විට්ස් කාර් එකක්..හැමෝම කාර් ගේන්න යයි..නලීන්ගේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් ආණ්ඩුව කරපු දේ බලන්න.


සමහර වෙලාවට ග්‍රාමීය දිස්ත්‍රික්කවලින් එන මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් එකම වාහනයක යනවා. එය ප්‍රශ්නයක් බවට පත්වෙලා’ යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නමුත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන්ට වාහන වෙන්කර තිබෙන බවත් හෙතෙම සදහන් කර තිබේ.

You May Like This Video


ReeCha