වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..
මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කල් දැමෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.
කොවිඩ් අර්බුදයත් සමඟ වාහන ආනයනය 2020 මාර්තු මාසයේදී තතර කෙරුණු අතර ඒ වන විට වසරකට වාහන ආනයනය සඳහා ඩොලර් කෝට් 1100ක් පමණ වැය වූ බවයි සදහන් වන්නේ.
එහෙත් ඒ සමඟ රටට බදු ආදායම ලෙස රුපියල් බිලියන 250 ක පමණ මුදලක් ලැබී ඇති අතර රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයනය නතර කිරීමත් සමග එම බදු ආදායම් ද අහිමි වී ගොස් තිබේ.
එකල ඩොලරයක වටිනාකම රුපියල් 200 - ක් පමණ වූ අතර එහෙත් අද ඩොලරයක වටිනාකම රුපියල් 288ක් පැවතීම ද විශේෂත්වයක්.