වාහන අලෙවියට නරක කලදසාවක්

Report

ඉකුත් ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685 ක් සේ සටහන් වී ඇත. එය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,708 ට සාපේක්ෂව සියයට 2 ක අඩුවීමක් වශයෙන් මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් CAL Research ආයතනය සකස් කළ වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව ඔක්තෝබර් මාසයට අදාළව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟිම් නිකුත් කළ දත්ත අනුව මෙම වාර්තාව සකස් කර ඇති බව සඳහන්.

කෙසේ වුවද මෙම අගයන් 2018 වසරේ පැවැති මට්ටමට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බව එම ආයතනය දක්වයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ වැඩීම ලියාපදිංචියක් සිදු කෙරුණු කාණ්ඩය ලෙස යතුරු පැදි සටහන්ව ඇත. එය සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 69 ක් වේ.

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

වසරේ මෙතෙක් සිදු කෙරුණු සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 72 ක් යතුරු පැදි වේ.

ඔක්තෝබරයේ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි සංඛ්‍යාව 32,768ක් වන අතර එය සැප්තැම්බරයේ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි 32,626 ට සාපේක්ෂව සියයට 0.4ක අඩුවීමක් වශයෙන් වාර්තා වේ.

මේ අතර ඔක්තෝබරයේ ලියාපදිංචි කෙරි ඇති මෝටර් කාර් රථ සංඛ්‍යාව 9.205 ක් වන අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් කාර් සංඛ්‍යාව වූ 10,146 සාපේක්ෂව සියයට 90 අඩු වීමක් වශයෙන් සඳහන්.

එමෙන්ම ඔක්තෝබරයේදී ත්‍රිරෝද රථ 2,541ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ 3,015 ට සාපේක්ෂව සියයට 167 අඩුවීමක් වශයෙන් දැක්වේ.

පලවෙනි අවුරුද්දටම එක ලීසිං වාරිකයක්ලු - රජයේ වැඩපිළිවෙල මෙන්න

පලවෙනි අවුරුද්දටම එක ලීසිං වාරිකයක්ලු - රජයේ වැඩපිළිවෙල මෙන්න

කෙසේ වෙතත් CAL Research ආයතනය දක්වන්නේ ඔක්තෝබර් මාසයේදී ලොරි සහ බස් රථ ලියාපදිංචිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බවයි.

ඒ ඔක්තෝබරයේදී ලොරි රථ 1,068ක් ලියාපදිංචි කෙරී ඇති ලෙසයි.

එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු ලොරි රථ 994 ට සාපේක්ෂව සියයට 7 ක වර්ධනයක් වේ. එමෙන්ම ඔක්තෝබරයේදී බස් රථ 131 ක් ලියාපදිංචි කර ඇති අතර, එය සැප්තැම්බරයට සාපේක්ෂව සියයට 3ක වර්ධනයක් ලෙස සඳහන්.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් දැනුම්දීමක්