වාහන සම්බන්ධයෙන් නිවසේ සිටම ලබා ගත හැකි පහසුකමක් ගැන තාක්ෂණ රාජ්‍ය ඇමති කියයි - අද සිට ක්‍රියාත්මකයි..

By krishani Oct 07, 2023 01:56 AM GMT
Report

නිවසේ සිටම අද (07) සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ ය. 

මේ බව ඒ මහතා සඳහන් කළේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

ඒ අනුව බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකිය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.