වාහන ආනයනය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක්
ශ්රී ලංකා මහ බැංකුව මඟින් නිකුත්කොට ඇති වාර්තාවක පුද්ගලික රථවාහන ආනයන වියදම මෙම වර්ෂයේ මුල්මාස පහ ඇතුළත (ජනවාරි-මැයි) ඇමරිකානු ඩොලර් මිලියන 828.8 දක්වා 254.8%කින් වැඩිවි ඇති බව සඳහන් වේ.
ඒ අනුව ඉකුත් වර්ෂයේ (2025) මෙම කාලසිමාව තුළ පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 233.6ක මුදලක් වැයකොට ඇත.
එහෙත් මෙම වර්ෂයේ (2026) මුල්මාස පහ ඈතුළත පුද්ගලික රථවාහන ආනයන වියදම ඉකුත් වර්ෂයේ මෙම කාලසිමාවට සාපේක්ෂව 254.8%කින් වැඩිවී තිබෙන බව සඳහන්.
තවද මෙම වර්ෂයේ මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 207.8ක් වැයකොට තිබු අතර ඉකුත් වර්ෂයේ (2025) මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයන වියදම ඇමරිකානු ඩොලර්මිලයන 91.9ක් බව වාර්තා වේ.
එබැවින් මෙම වර්ෂයේ මැයි මාසයේ පුද්ගලික රථවාහන ආනයනය වියදම ඉකුත් වර්ෂයේ මැයි මාසයට සාපේක්ෂව 126.2% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.