ආයේ එළවලු කාලා හමාරයි - ගිනි ගණන් නැග්ග එළවලු මිල මෙන්න

Report

එළවලු තොග සහ සිල්ලර වෙළදුන් පවසන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පහත බැස තිබූ උඩරට සහ පහතරට එළවලු මිල මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.

මේ අනුව, බෝංචි කිලෝවක් රු.500ක්, ලීක්ස් කිලෝවක් රු.300ක්, කැරට් කිලෝවක් රු.450ක්, මාළු මිරිස් කිලෝවක් රු.400ක් වැනි සිල්ලර මිලකට අලෙවි වන අතර, ගොවා කිලෝවක් රු.200ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් පැය 24ක් යන්නටත් කළින් මහින්දට කැඳවීමක් - මැයි 12 මහින්ද හිරේද?

පහත රට සෑම එළවලු කිලෝවකම මිල රු.400-600ක් වැනි මිලකට අලෙවි වන අතර, වම්බටු කිලෝවක් රු.600ක්, කරවිල කිලෝවක් රු.600ක්, වැටකොළු කිලෝවක් රු.600ක්, බණ්ඩක්කා කිලෝවක් රු.600ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

අප මේ එළවළු මිල වැඩිවීම සම්බන්ධයෙන් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ, සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ගොවීන් සිය අස්වැන්න වෙළදපොළට නිකුත් කරන නිසා මැයි මාසය වන විට ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ මෙසේ එළවලු මිල තරමක් ඉහළ ගොස් ඇති බවයි.