බද්ද ගෙවීම ගැන අධිකරණයෙන් විශේෂ තීන්දුවක් දෙයි..බදු නොගෙවන්නන්ට සිදු වන දේ මෙන්න.

Government Of Sri Lanka Income Tax Department Value Added Tax​ (VAT) Income Tax Return
By Aruna Jan 23, 2025 02:47 AM GMT
Aruna

Aruna

Report

වැට් බදු මුදල් වහාම රජයට ගෙවීම, ඒවා ගෙවිය යුතු තැනැත්තන්ගේ පරම වගකීම බවත් ව්‍යවස්ථාදායකයේ අභිමතයද එය බැවින් එම මුදල් නොගෙවන තැනැත්තන්ට අධිකරණ මගින් අධික දණ්ඩන පනවා ඇති බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව එකතු කළ අගය මත අය විය යුතු බදු මුදල් රුපියල් 29,479,155ක් නොගෙවීම මත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමින්, අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ බව කියා සිටියා.

ජනපති අනුර රනිල්ට විශේෂ ස්තුතියක් කරයි.!!අනුරගේ ප්‍රධාන අරමුණ දැනුම්දෙයි..

ජනපති අනුර රනිල්ට විශේෂ ස්තුතියක් කරයි.!!අනුරගේ ප්‍රධාන අරමුණ දැනුම්දෙයි..


මෑන් පවර් ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු මෙම සිද්ධියේ වග උත්තරකරු වන අතර අදාල බදු මුදල නොගෙවන්නේ නම් වගඋත්තරකරුට මාස හයක ලිහිල් වැඩසහිත සිර දඬුවමක් නියම කරන බවටයි විනිසුරුවරයා නියෝග කළේ.

වගඋත්තරකාර අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මාසිකව රුපියල් ලක්ෂ 3 බැගින් එම මුදල වසරක් තුළ ගෙවා අවසන් කිරීමට තම සේවාදායකයාට අවසර ලබා දෙන ලෙසය.

පොල් ගෙඩිය රුපියල් 300ට නගී?..පාරිභෝගිකයින්ට තරු පේන ආරංචියක්.!!

පොල් ගෙඩිය රුපියල් 300ට නගී?..පාරිභෝගිකයින්ට තරු පේන ආරංචියක්.!!


එය සලකා බැලු‍ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදුන් අතර වගඋත්තරකාර අධ්‍යක්ෂකවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග තිබෙනවා.

You May Like This Video


ReeCha