තෙල් වලටත් වැට් ගෙවන්න වෙලා. - විදෙස් ඉන්ධන හල් වලටත් වෙනම සැලකිල්ලක්.

Report

ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන සෑම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් වෙනුවෙන්ම ‘වැට්’ බදු ගෙවීමට පිරවුම්හල් හිමියන්ට සිදුව තිබෙනවා.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ,ඒ හේතුවෙන් සියලුම පිරවුම්හල් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.

එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ, ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ලැබෙන 3% වඩා අඩු කොමිස් මුදලින් අදාළ වැට් බදු ද ගෙවා වැට් පනතට අනුකුලව බිල්පත් නිකුත්කිරීම, සැකසීම සහ මාසික වාර්තා ඉදිපත් කිරීමට අපහසු බවයි.

තෙල් වලටත් වැට් ගෙවන්න වෙලා. - විදෙස් ඉන්ධන හල් වලටත් වෙනම සැලකිල්ලක්. | Vat Has To Be Paid For Fuel Too

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගෙන්, එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ඛනිජ තෙල් රාජ්‍ය ඇමැති ඩී.වී චානකගෙන් ද සාකච්ඡාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇතත් ඊට සාධනීය පිළිතුරක් ලැබී නොමැත.

කෙසේ වෙතත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයබ පෙන්වා දෙන්නේ, මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්ව සිටින ‘සයිනොපෙක්’ සහ ‘ඉන්දියන් ඔයිල්’ සමාගමට අයත් ඉන්ධනහල්වලට ණය පදනම මත ඉන්ධන දෙන බවත් අමතර වට්ටම් ඇතුළු බොහෝ පහසුකම් හිමිව ඇති බවත්ය.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ‘සිපෙට්කො’ ඉන්ධනහල් හිමියන්ට අත්පිට මුදලට ඉන්ධන ලබාගෙන වැට් බද්ද ද ගෙවා අනිකුත් සියලුම කාර්යන් ඉටුකිරීමේ හැකියාවක් නොමැති බවයි.  


                                                                            Sponsored By Sarrita Jewellery

තෙල් වලටත් වැට් ගෙවන්න වෙලා. - විදෙස් ඉන්ධන හල් වලටත් වෙනම සැලකිල්ලක්. | Vat Has To Be Paid For Fuel Too