අනේ.. මේ මොකද වුණේ?. කලා කෙත අස්වැද්දූ, තවත් ජ්‍යෙෂ්ඨයෙක්, ජීවන වේදිකාවෙන් බැස යයි.. (PHOTOS)

Death Latest Headlines
By krishani Sep 23, 2024 01:09 PM GMT
krishani

krishani

Report

ළමා මුද්‍රා නාට්‍ය කලාව හඳුන්වා දීමේ මුල් පුරුක වුණ වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අනේ.. මේ මොකද වුණේ?. කලා කෙත අස්වැද්දූ, තවත් ජ්‍යෙෂ්ඨයෙක්, ජීවන වේදිකාවෙන් බැස යයි.. (PHOTOS) | Vajira Chitrasena Passes Away

1932 වර්ෂයේ මාර්තු මස 15 දින උපත ලද ඇයගේ කුමුදුනී මුද්‍රා නාට්‍ය පළමු පියවර වේ.

එමෙන්ම, රන් කිකිළි, ගිනි හොරා, හපනා, සේපාලිකා ආදී මුද්‍රා නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ මුද්‍රා නාට්‍යයන් වේ.

වෙස් ඇඳුම් කට්ටලයට සමානකමක් දැක්වූ දේශීය කාන්තා රංඟවස්ත්‍රාභරණ කට්ටලය කාන්තාවන්ට සුදුසු ලෙස නිර්මාණශීලීව සෝමබන්දු විද්‍යාපතිගේ සහයෝගය සමඟ සකස් කිරීමේ ගෞරවය අදටත් හිමිවන්නේ වජිරා චිත්‍රසේනට වේ.

අනේ.. මේ මොකද වුණේ?. කලා කෙත අස්වැද්දූ, තවත් ජ්‍යෙෂ්ඨයෙක්, ජීවන වේදිකාවෙන් බැස යයි.. (PHOTOS) | Vajira Chitrasena Passes Away

තාණ්ඩව ගතිලක්ෂණ මෙන්ම චලන ද අන්තර්ගත වන උඩරට නර්තනයට ලාස්‍ය ලක්ෂණ සුදුසු පරිදි යොදා ගනිමින් කාන්තාවන්ට උචිත වූ නර්තන විලාසයන් සමඟ ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීමට ඇය සමත් විය.

1949 දී චිත්‍රසේන මහතා රචනා කළ රාවණා මුද්‍රා නාට්‍යය සඳහා පූජා නර්තනයෙන් මෙන්ම කරදිය, නල දමයන්ති මුද්‍රා නාට්‍යයන් සඳහා නර්තනයෙන් ද තම දායකත්වය ලබා දෙනු ලැබුවේ ය.

ලංකාවම හඩවමින්, ආදරණීය කලාකරුවෙක් මෙලොව හැරදා යන්නම ගිහින්.. (PHOTOS)

ලංකාවම හඩවමින්, ආදරණීය කලාකරුවෙක් මෙලොව හැරදා යන්නම ගිහින්.. (PHOTOS)


කෙසේ වෙතත්, මේ අතරින් කරදිය මුද්‍රා නාට්‍යයේ සිසීගේ චරිතයත් නල දමයන්තිහි හංස ධේනුවගේ චරිතයත් ඇගේ නර්තන ප්‍රතිභාව මෙන්ම රංගන කෞෂල්‍ය ද විදහා දැක්වීමට සමත් විය.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%