ඌව පලාතට විශේෂ දැනුම්දීමක්
රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවල යටතේ ඌව පළාතේ බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවිය හැකි ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.
මෙම හඳුන්වාදීමේ වැඩසටහන ඊයේ (09) බදුල්ල, ඌව පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වැඩසටහනේදී, ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරිය හා සම්බන්ධ සියලුම බස් හිමියන් සහ බැංකු නියෝජිතයින්ට ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීම සිදුකෙරිණි.
එමෙන්ම, බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් ලබාගැනීමේ පහසුකම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ විස්තරාත්මක හැඳින්වීමක්ද සිදුකෙරිණි.
ඊළඟ මාස කිහිපය තුළ, ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරියට අයත් සියලුම බස් රථ සඳහා මෙම ඩිජිටල් ගෙවීම් පහසුකම ක්‍රියාත්මක කිරීමට බස් හිමියන් එකඟ වී ඇත.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ උපදේශක සුමුදු රත්නාකය මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.