මේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්
ඌව පළාතේ වසා දැමූ පාසල් අදියර දෙකක් යටතේ යළි විවෘත කෙරේ.
ඒ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් නිසා වසා දැමූ ඌව පළාතේ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ අදියර දෙකක් යටතේ පාසල් නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බවය.
ඒ අනුව දැඩි ලෙස ආපදාවන්ට ලක් නොවූ පාසල් හෙට (16) දිනයේ ආරම්භ කෙරෙන අතර, තවදුරටත් බලපෑම් පවතින පාසල් එළැඹෙන 29 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.
"ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 291න් බිබිල කළාපයේ දෙහිගලවත්ත පාසල හැර අනෙකුත් සියලු පාසල් 290වම හෙට (16) දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා තියෙනවා. ඒ එක්කම බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන කළාපයේ දික්යාය විද්‍යාලය, කළුකැල විද්‍යාලය සහ පින්නගොල්ල විද්‍යාලය හැර අනෙකුත් පාසල් 78 හෙට දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා තියෙනවා. පවතින් ආපදා තත්ත්වයත් එක්ක බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු කළාප වල එනම් බදුල්ල කළාපය, බණ්ඩාරවෙල කළාපය, වැලිමඩ කලාපය, පස්සර කළාපය සහ කළාපයේ සියලු පාසල් හෙට දින ආරම්භ නොවන අතර 29 වනදින එම කළාප වල සියලු පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා තියෙනවා."
[6HH3HIF